ග්ලයිෆොසේට් කෘෂි රසායනයට වඩා පහළොස් ගුණයකින් පමණ විෂ වැඩි ග්ලූෆොසිනේට් නමැති රසායනය මෙරටට ගෙන්වීම පිටුපස ජනාධිපති ලේකම් කාර්යාලයට මුවා වී සිටින නිලධාරියෙකු සිටින බව %අද^ට වාර්තා වේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විෂ රසායන වර්ග තහනම් කරමින් හා සීමා කරමින් හා වකුගඩු ප්රතිකාර රෝහල් විවෘත කරමින් යහපත් චේතනාවෙන් කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරයා යටතේම පවතින ලේකම් කාර්යාලයේ කටයුතු කරන නිලධාරියෙකු ලෙස පෙනී සිටින අයෙකු මෙම විෂ සහිත ග්ලූෆොසිනේට් කෘෂි රසායනයෙන් මෙරටට ගෙන්වීම සිදුවීම පිටුපස සිටීම ගැන ජනාධිපතිවරයාගේ ඉක්මන් අවධානය යොමුවිය යුතු තත්ත්වයක් බවට පත්වී තිබේ. ග්ලූෆොසිනේට් කෘෂි රසායනය නිෂ්පාදනය කර තිබෙන්නේ තේ වගාවේ යටි වල් පැළ මර්දනය කිරීමට වන අතර, එහෙත් මෙරටදී එම කෘෂි රසායනය භාවිතා කරන්නේ කුඹුරු වගාවේ වල් මර්දනය කිරීමට බවද වාර්තා වේ.
වකුගඩු රෝගය ඇති වීමට හේතුවන බවට සඳහන් වූ ග්ලයිෆොසේට් කෘෂි රසායනය මේවන විට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම මත ගෙන්වීම හා බෙදාහැරීම මේ වනවිට තහනම් කර තිබේ.