පොළොන්නරුව සුංගාවිල සෝමාවතිය කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් විෂ ඇට වර්ගයක් ශරීරගතවීම නිසා අද (23දා) සවස රෝහල්ගත කර ඇත.
මේ හේතුවෙන් සිසුන් 18 දෙනෙක් පොළොන්නරුව හා පුලස්තිගම යන රෝහල්වලට ඇතුළත් කර සිටිති.
එම සිසුන් පාසලේ දෙවැනි, තෙවැනි හා සිවුවැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.