විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනය ස්ථාපිත කිරීම පිණිස වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. එහිදී එක් එක් විශේෂඥතා සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වෙත වෙන වෙනම ලියාපදිංචි කිරීමේ ලේඛන පවත්වාගෙන යෑමට තීරණය වී තිබේ.
මේ අනුව සකස් කරනු ලැබ ඇති වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍ර‘යේ පළකොට අනුමැතිය ලබාගැනීම සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ.
මේ සඳහා වන කැබිනට් මණ්ඩල යෝජනාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ (24දා) දින පැවති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත්කොට තිබේ. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.