මාදුරු ඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලබමින් සිටි සෙබෙළෙකු විජලනය රෝගයට පත්වී අරලගංවිල ප්රා‘දේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (16 දා) රාත්රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව අරලංගවිල පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර, කපුරුගස් වැව පදිංචිව සිටි ආර්.බී. සමීර කැළුම් කුමාර යන 26 හැවිදිරි අයෙකි.
මෙම කඳවුරේ පුහුණුව ලබමින් සිටි තවත් සෙබළුන් 9 දෙනෙකු විජලනයට පත්වීමෙන් අද (17දා) උදෑසන අරලගංවිල ප්රා. රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලීසිය වැඩිදුරටත් පවසයි.
අරලගංවිල රෝහල් ප්රකාශකයෙකු පැවසුවේ, වැඩිදුර ප්රතිකාර කිරීම සඳහා එම සෙබළුන් 09 දෙනා පොළොන්නරුව මහ රෝහල වෙත යවා ඇති බවයි.
මාදුරු ඔය පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවීම නිසා මෙම රෝගී තත්ත්වය ඇති වූ බව එම ප්රකාශකයා සඳහන් කළේය.
නිමල් ජයරත්න