විශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබේ.
හෙට දිනයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ලබාගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ. ගැසට්කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරේ.