විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත් තුළ හෙට(29) සිට අගෝස්තු මස පළමු දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව සාර්ථක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත් ඒ නිසා ඩෙංගු ව්‍යාප්ත වීමේ අවම වීමක් සිදු වී ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව (29) (30) (31) සහ අගෝස්තු (01) දින ඩෙංගු මර්දන වැඩසටහන කණ්ඩායම් 450ක් යොදවමින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පැවසී ය