ශ්‍රී ලංකාවේ විශාලම ආරක්ෂක රෝහල හෙට (05දා) ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රුපියල් මිලියන 1542.4ක් වැය කර ඉදිකර ඇති මෙය මහල් 10කින් සමන්විතය.
නවීන අංගෝපාංගවලින් සමන්විතව වාට්ටු 21ක් හා ඇඳන් 1024කින් යුක්තව ඉදිකර ඇති මෙහි වෛද්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන දෙකක් වැයවී තිබේ.