විශාල ජේඩ් පාශාණයක් මියන්මාරයෙන් මතුවෙයි
අති විශාල වටිනාකමකින් යුතු දැවැන්ත ජේඩ් පාශාණයක් මියන්මාරයේ පතල්කරුවන් පිරිසක් විසින් මතු කරගෙන තිබේ.
අඩි 18ක් පමණ දිගකින් යුතු මෙම ජේඩ් පාශාණය ස්ටර්ලිං පවුම් මිලියන 140ක් (රු.බිලියන 25ක්) පමණ වටිනාකමකින් යුතු බව විශ්වාස කෙරෙයි.
මෙම සුවිශේෂී පාශාණය ටොන් 175ක් පමණ බරින් යුතු වෙයි. එමෙන්ම, උස අඩි 9ක් පමණ වන මෙම පාශාණයේ පළළ හා දිග අඩි 18 බැගින් වෙයි.
මෙම පාශාණය පිරිසුදු කළ විට එය ජේඩ් පාශාණයන්ට ආවේණික කොළ පැහැයෙන් යුතු වනු ඇති බවත්, එය එදාමෙදා තුර හමුවී ඇති දෙවැනි විශාලතම ජේඩ් පාශාණය වනු ඇති බවත් පැවසෙයි.
දැනට චීනයේ ජේඩ් බෞද්ධ ආරාමයේ බුදුරුවක් නෙළා ඇති ටොන් 260ක බරකින් යුතු ජේඩ් පාශාණය ලොව විශාලතම ජේඩ් පාශාණය ලෙස සැලකෙන අතර, එය බරින් ටොන් 260ක් පමණ වෙයි.
මෙම දැවැන්ත පාශාණය හමුවීමත් සමග ලොතරැයිය දිනුමක් ඇදුණු හැඟීමක් ඇති වූ බවත්, නමුත් මේ දැවැන්ත පාශාණය පෞද්ගලික තමන්ට නොව රටට අයත් මහානර්ඝ වස්තුවක් බවත් පතල්කරුවෝ පවසති.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

