ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස රාජකාරි කර මෑතකදී විශ්‍රාම ගිය විනිසුරුවරුන් දෙදෙනෙකු විසින් රජයෙන් ඔවුන්ට ලබා දී තිබූ මෝටර් රථ දෙක යළි ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දී නැතැයි වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස රාජකාරි කටයුතු සිදුකරන විනිසුරුවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වාහන ලබාදෙන අතර, රජයේ සේවයෙන් විශ්‍රාම යද්දී ඔවුන් එම වාහන යළි ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කොට මෑතකදී විශ්‍රාම ගිය මෙම විනිසුරුවරුන් දෙදෙනාටද රජයෙන් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ලබාදී තිබූ අතර, ඔවුන් දෙදෙනා සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මේ වනතුරු වාහන දෙක ආපසු බාර දී නැතැයි වාර්තා වේ.
එම වාහන ආපසු ලබාදෙන්නැයි ඉල්ලා සිටි විට තමන්ට රජයෙන් වාහන බලපත්‍ර ලබාදෙනතුරු වාහන ආපසු බාරදීමට නොහැකි බව එම විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනා දැනුම්දී ඇති බවද වාර්තා වේ.