ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් කාර්යයක්ෂමව පවත්වා ගැනීමේ අරමුණෙන්, විශ්‍රාමික රේගු නිලධාරීන් යළි, වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, 2014, 2015 සහ 2016 වසරේ ගෙවී ගිය කාලය තුළ විශ්‍රාම ගිය, සෑම තනතුරකටම අයත් නිලධාරීන් මෙසේ සේවයට බඳවා ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
වසරක කාලයකට යටත්ව කොන්ත්‍රාත් පදනම මත මෙම බඳවා ගැනීම් සිදුකෙරෙනු ඇති අතර, මේ සඳහා කැමැත්ත දක්වන විශ්‍රාමික රේගු නිලධාරීන්ට 2016 සැප්තැම්බර් 30 වැනි දිනට පෙර මේ සඳහා අයදුම් කළ හැකි බවත්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2333426, 011- 2143434 යන දුරකතන අංකවලින් ලබාගත හැකි බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදන කරයි.