ආරක්ෂක අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති විශ්‍රාම ගිය හා විශ්‍රාම යෑමට නියමිත ත්‍රිවිධ හමුදා සමාජිකයන් හා පොලිස් නිලධාරීන් නීල හරිත ආර්ථිකයක් කරා යොමු කිරීමේ කෘෂිකර්ම හා ස්වයං රැකියා විශේෂ ව්‍යාපෘතිය මගින් ඉදිරියේදී රට තුළ කෘෂිකාර්මික නවෝදයක් ඇතිවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් මත ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සංවිධානය කෙරෙන මෙම විශේෂ වැඩසටහන පිළිබඳ කෘෂිකර්ම, බැංකු හා අපනයන සංවර්ධන යන අංශ ප්‍රධානීන් සමග අද (09දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
විශ්‍රාම ගන්නා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙම විශේෂ ව්‍යාපෘතියට එක්වීම තුළින් ඔවුන්ට ආර්ථික ප්රතිලාභ රැසක් හිමිවන බවත්, දැනට ආරම්භ කර ඇති මෙම විශේෂ ව්‍යාපෘතිය තුළින් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් තුන්සියයක් පමණ පේරාදෙණිය, මාතලේ, අගුණුකොලපැලැස්ස යන මධ්‍යස්ථානවලදී විශේෂ පුහුණු වැඩසටහනක් වෙත යොමු කර ඇති අතර, දැනට අපනයන කෘෂී බෝග වගා ව්‍යාපෘති ඔවුන් විසින් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.