රජයේ සේවකයින්ට විශ්රාම ගැනීම සඳහා ඔන්ලයින් ක්රමයට ලියාපදිංචි වීමේ ක්රමවේදය අද සිට ආරම්භ වන බව විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්රකාශකළේය.
අදට යෙදී ඇති ජාතික විශ්රාමික දින සැමරුමට සමගාමීව එම ක්රමවේදය ආරම්භ වන බවත් www.pensions.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ විශ්රාම ගැනීම සඳහා අද සිට ඔන්ලයින් ක්රමයට ලියාපදිංචිවිය හැකි බවත් එහි අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා පැවසුවේය.
එසේම අද සිට දුම්රිය දෙපාර්තමේන්තුව විශ්රාමිකයින් සඳහා ලබාදෙන දුම්රිය බලපත්ර අද සිට ඔන්ලයින් ක්රමයට ලබාගත හැකි බව ද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.