අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ නම් තමන් තවදුරටත් ආණ්ඩුවේ නොසිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
කුරුණෑගල, වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රීඩා උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින්අමාත්යවරයා මේබව කීවේය.
“විශ්වාසභංගය ගේනන අවශ්‍ය වුණේ ඒකාබද්ධ කණ්ඩායමට. ඒක පරාජය වුණා. ඒකට සහයෝගය දුන්න අය ගැන මම දන්නේ නැහැ. නමුත් මම ඒකට සහයෝගය දුන්නා නම්, පක්ෂව ඡන්දය දුන්නා නම්, ඇමති මණ්ඩලයේ තවදුරටත් සිටීමට සදාචාරාත්මක අයිතියක් මට නැහැ. මම යෝජනාවට සහයෝගය දුන්නා නම්, පක්ෂව ඡන්දය දුන්නානම් මම අනිවාර්යයෙන්ම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙනවා.
ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා කියනකම් ඉන්නේ නැහැ. ඒක තමයි ප්‍රතිපත්තිය විය යුත්තේ. එහෙම නැතිව තානාන්තර බලගෙන කටයුතු කිරීම මගේ ප්‍රතිපත්තියක් නෙමෙයි. හැබැයි ජනාධිපතිතුමයි,අගමැතිතුමයි ඉදිරියේදී තීරණ ගනියි. ඒ ගැන අපි බලාගෙන ඉන්නවා. වැරදි දේවල් වෙනවා නම් ඒ ගැනත් අනිවාර්යෙන්ම කතා කරනවා.”