විශ්වාසභංග යෝජනා විවාදයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගන්නා තීරණය අද (02දා) මධ්‍යම රාත්රියේදී ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මධ්‍යම රාත්රියේදී ගන්නා තීරණය හෙට (03දා) රටට ප්‍රකාශ කරන බවද හෙතෙම පවසා සිටියේය. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම අද (02දා) රැස්වෙන බවද ඔහු සඳහන් කළේය.