විශ්වවිද්‍යාලවලට ලබන වසරේදී 35000ක්
	ලබන වසරේදී විශ්වවිද්‍යාල පද්ධතියට සිසු සිසුවියන් 35,000 ක් ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. 
	ඒ වෙනුවෙන් මේ වනවිට අලුතින් ඉංජිනේරු පීඨ 03 ක්, පශ්චාත් ඉංජිනේරු පීඨයක්, පශ්චාත් වෛද්‍ය පීඨයක් සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඉදිකර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය. 
	ඒ මහතා මේ බව පැවසුවේ දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සහ දියතලාව ගුවන් හමුදා පුහුණු පාසලේ පැවැති නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාවේ (නායකත්ව පුහුණුවේ) සිසු සිසුවියන් අමතමිනි. ඉකුත් 21 වැනිදින මෙම හමුව සිදුවිය. 
	"මේ වසරේදී විශ්වවිද්‍යාල සඳහා සිසු සිසුවියන් 25,000 ක් අපි ඇතුළත් කරගන්නවා. එය ලබන වසරේ 35,000 ක් කරන්න අපට පුළුවන්. ඒකට හේතුව තමයි අපි මේ වනවිට අලුතින් ඉංජිනේරු පීඨ 03 ක්, පශ්චාත් ඉංජිනේරු පීඨයක්, පශ්චාත් වෛද්‍ය පීඨයක් සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම.
	අපේ බුද්ධිමත් දරුවන්ට නිසි පරිදි උසස් අධ්‍යාපනයක් ලබාදීමට අපි කැප වී සිටිනවා. රටක උසස් අධ්‍යාපනය පුළුල් වෙනවා කියන්නේ සංවර්ධනය වේගවත් වෙනවා කියන එකයි" යැයි එස්.බී. දිසානායක මහතා මෙහිදී පැවසීය. 
	.gif) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                