විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර ගැටලුව විසඳීම සඳහා විශ්වවිද්‍යාල 17 ක ඉදිකරන නේවාසිකාගාර 78 ම මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට සිසු අයිතියට පත්කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ජනරාල් කීර්ති මාවැල්ලගේ මහතා සඳහන් කළේය.
ඊයේ (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව සඳහන් කළ අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, නව නේවාසිකාගාර ශිෂ්‍ය අයිතියට පත් කිරීමත් සමග මෙතෙක් විශ්වවිද්‍යාලවල පිට නේවාසිකාගාරවල සිටින 11,100 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනාම විශ්වවිද්‍යාලය තුළ පිහිටි නේවාසිකාගාර තුළට ගැනීමට හැකිවන බවයි.