විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් ඇතුළත් අවසන් ලිපිය මේ සතිය ඇතුළත දී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යැවීමට නියමිත අතර, ලිපිය තැපැල් කර මාසයක් ඇතුළත දී ප්‍රතිචාරයක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.
එම මාසයක කාලය ඇතුළත දී උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා දක්වන ප්‍රතිචාර දෙස අවධානයෙන් බලා සිටින බව සභාපතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කළ ඉල්ලීම් හය ඇතුළත් කළ ලිපියක් මෙම සතිය ඇතුළත දී තැපැල් කළ පසු ජූලි 10 දිනෙන් පසු ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව හෙතෙම පවසා සිටියේය.
පර්යේෂණ දීමනාවට සියලු කොස්දේසි ඉවත් කිරීම හෝ මූලික වැටුප් පර්යේෂණ දීමනාවට සමාන අගයකින් වැඩිකළ යුතු බවද, උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණ සහ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බවද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් උදෙසා වන විශේෂ කමිටුවක් වහා ස්ථාපිත කළ යුතු බව ඇතුළු ඉල්ලීම් 06ක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබේ.