විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් විසින් අරඹා ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල සනීපාරක්ෂක කටයුතු, විදුලි සැපයුම්, ජල සැපයුම් ආදි අංශ බොහොමයක ගැටලු ඇතිවී තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා සඳහන් කළේ, මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළුව සියලු විශ්වවිද්‍යාලවල මෙම තත්ත්වය දැකිය හැකි බවත්, වැඩවර්ජනය ඉදිරියටත් පැවතුණහොත් තත්ත්වය තවත් බරපතළ විය හැකි බවත්ය.
මේ වනවිට සියලු විශ්වවිද්‍යාවල කටයුතු ඇණහිට ඇතැයි ආචාර්වරුන්ගේ දැන්වූ බවද ඒ මහතා පැවසීය.
මේ අතර කැලණිය විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 2016 පළමු අර්ධ වාර්ෂිකයට අදාළව අගෝස්තු 01 වැනිදා සිට ආරම්භ වීමට තිබූ සියලු පරීක්ෂණ නැවත දැනුම්දෙන තුරු නොපැවැත්වෙන බවයි.
වැඩවර්ජනය සිදුකරන විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ භාණ්ඩාගාරික කේ.එල්.ඩී.ජී. රිච්මන්ඩ් මහතා සඳහන් කළේ, රජයෙන් විසඳුමක් නොලැබුණු බැවින් වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.