විශ්වවිද්‍යාල පරිපාලනය සඳහා නව නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය නිවාරණය කිරීම වෙනුවෙන් අද (21දා) කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍ර‘යේදී පැවැති වැඩමුළුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
"ශ්‍රී ලංකාව තුළ වර්තමානය වනවිට නවක වදය යන්න ප්රවෘත්ති මවන කාරණයක් වී තිබෙනවා. මේ පිළිබඳව මම නීතිඥවරු ඇතුළු කිහිපදෙනෙකු සමග ප්‍රශ්න නගමින් කතාබහ කරනු ලැබුවා.
අපේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයෙත් නීතිය ඉදිරියේ සැවොම සම බව සඳහන් වෙනවා. එය සමස්ත රට පුරාම ක්‍රියාත්මක වෙන්නක්. එසේ නම් ඇයි එම නීතිය විශ්වවිද්‍යාලවලට වලං‘ගු නොවන්නේ?
නවක වදය සම්බන්ධයෙන් නැගෙන ප්රශ්නය මෙයයි. අපිට විශ්වවිද්‍යාල තුළ සිටින දරුවන්ට ආරක්ෂාව සපයන්න හැකිවී තිබෙනවාද? මේනිසා නීතියේ සමානාත්මතාව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළත් අනිවාර්යයෙන් ඇතිකළ යුතුයි"