ජාතික ආදායමින් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කිරීම ඇතුළුව දැනට මතුව ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු ජුනි 03 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.
එහි සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසුවේ මීට පෙර රජය ලබාදුන් පොරොන්දුව මේ දක්වා ඉටු වී නැති බැවින් යළිත් වැඩවර්ජනයකට ගමන් කිරීමට සිදුවන බවත් මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැන්වූ බවත්ය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනට මුහුණපාන වෘත්තීමය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කර නැති බවත්, මීට පෙර රජය එකඟවූ ගිවිසුම මේ දක්වා ක්‍රියාත්මක කර නැති බවත්, සභාපතිවරයා ප්‍රකාශ කළේය.