විශ්වවිද්‍යාලවලට කඩිනමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා සඳහන් කළේය.
2011 වසරේ ඇති වූ ඉසඩ්කෝර් ගැටලු නිසා උසස්පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට වසරක්, වසර එකහමාරක් බලා සිටීමට සිදුව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා මෙම වසරේ බඳවාගැනීම නොවැම්බර් මාසයේදී සිදුකරන බවත්, ලබන වසරේ බඳවාගැනීම ජූනි මාසයේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් පවසා සිටියේය.