2017 නොවැම්බර් මාසයේදී විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනු ලැබූ සමාලෝචනයේ අවසන් වාර්තාව සම්මත කරගෙන තිබේ. ඒ ජිනීවා නුවර පැවැත්වෙන 37වැනි මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදීය.
මෙහිදී අදහස් දැක්වූ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සදහන් කළේ ශ්‍රී ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලියට ප්‍රබල ලෙස සහය දක්වන රටක් බවත් එම සමාලෝචනයේ ඇති තුල්‍ය සමාලෝචන ස්වභාවය, මානව හිමිකම්වලට අදාල වැදගත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට රටවල් දිරිමත් කරවන විවෘත සහ වැඩදායී අන්තර් ක්රියාකාරීත්වයක් ඇති කිරීමටත් , එම රටවල්වලට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමටත් අවස්ථාව සලසා දෙ බවයි.
පසුගිය නොවැම්බරයේ ශ්‍රී ලංකාවට ලැබුණු නිර්දේශ 253 න් නිර්දේශ 177 ක් ශ්‍රී ලංකාව පිළිගත්තේ ස්වේච්ඡාවෙන් දෙන ලද ප්‍රතිඥා 12 ක්ද සමගිනි.