පුද්ගලයන් හා ආයතන රැසකට වංචා සිදුකරමින් හා රට වටා විවාහ 11ක් සිදුකරගනිමින් වරෙන්තු පිට පොලීසියට කට්ටිපනිමින් සිටි පුද්ගලයෙකුමහියංගණ පොලීසිය මගින් අත්අඩංගුවටගෙන මහියංගණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගණ වැඩබලන මහේස්ත්රාත් එස්. ගෝවින්න මහතා නියෝග කළේය.
මහියංගණයට ආසන්න ගමකින් සිදුකර ගත් විවාහයකින් ලද දරුවාට උප්පැන්නයක් දීම සඳහා මහියංගණ ප්රදේශයේ ආයතනයක් වෙත පැමිණි අවස්ථාවේ ලද තොරතුරක් මත ඔහු ඉකුත්06 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
බහු විවාහ හා මුදල් වංචා සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් මොහුට එරෙහිව හම්බන්තොට, කඩුවෙල හා මාතර මාහේස්ත්රාත් අධිකරණවල මේ වනවිට නඩු කීපයක් විභාග වෙමින් පවතින අතර, නඩු සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ බවද මෙහිදී අනාවරණය විය.
අරුණදේව පුෂ්පකාන්තන් අතපත්තු (42) නම් වන මොහු මොණරාගල දොඹගහවෙල හා මාතර ගොඩගම යන ප්රදේශවල පදිංචිව සිටි බවට පොලීසිය සඳහන් කරයි.
එන්.කේ. නිශ්ශංක මීගහකිවුල