මන්නාරම, විල්පත්තු රක්ෂිතයෙන් කපාගත් දැව තොගයක් අනවසරයෙන් ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන් 15 දෙනෙකු මන්නාරම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක්අයෙකු රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරි බව ශීලාවතුර පොලීසිය සඳහන් කරයි.
දැව ප්රවාහනය කරමින් තිබූ යුද හමුදා ට්රක් රථයක්ද අදාළ දැව තොගය සමග අත්අඩංගුවට ගත් බව ශිලාවතුර පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ශිලාවතුර පොලීසිය සහ යුද හමුදා පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.