විල්පත්තුව ආශ්රිත කැලෑ ප්‍ර‘දේශවල සිදුකළ පදිංචි කිරීම්වලට එරෙහිව සති දෙකක් තුළ නිවැරදි තීරණයක් ලබාදෙන බවට මැයි 11 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වුවද, එම පොරොන්දුවට මේ වනවිට සති 05 කට අධික කාලයක් ගත වී තිබෙන බව පරිසර සංවිධාන සඳහන් කරයි.
විල්පත්තුව ආශ්රිත කැලෑ ඉඩම්වල ගස්වැල් ඉවත් කර අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු පිරිස විසින් එහි ජනතාව පදිංචි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා හරහා වාර්තාවක් කැඳවූ බවත්, එම වාර්තාවට අනුව සති දෙකක් තුළ නිශ්චිත විසඳුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් පරිසර සංවිධාන එකමුතුවේ සාමාජික සංවිධානයක් වන පරිසර සංරක්ෂණ භාරය සඳහන් කළේය.
එහෙත් එම පොරොන්දුව මෙතෙක් ඉෂ්ට කර නොමැති බවත්, මීට අමතරව ජාත්‍යන්තර පරිසර දිනය යෙදී තිබූ පසුගිය 05 වැනිදා පරිසර සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව විල්පත්තුව ආසන්න කැලෑ ඉඩම්වල විනාශය පිළිබඳ වාර්තාවක් ලබාදුන් බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ සජීව චාමිකර මහතා සඳහන් කළේය.
එම වාර්තාවටත් ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, මේ නිසා යහපාලන ආණ්ඩුවේ පරිසරය රැකගැනීම විජ්ජාවක් බවට පත් වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.