විල්පත්තු අභයභූමිය ආශ්රිත නැවත පදිංචි කිරිම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන සකස් කළ වාර්තාව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ. මේ පිළිබදව පාර්ශව ගණනාවකින් වාර්තා කැඳවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම වාර්තා කඩිනමින් ලබා දිමට කටයුතු කරන ලෙස අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදී ඇති බවද මෙහිදී සඳහන් කර තිබේ.
එම වාර්තාද ලැබීමෙන් අනතුරුව අදාළ ප්රදේශවල නැවති පදිංචි කිරිම් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව ජනාධිපති මෛත්රපාල සිරිසේන මහතා මෙහිදි ප්රකාශ කර ඇත. අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද, නීතිඥ ජගත් ගුණවර්ධන,ප්රමුඛ පරිසරවේදින්ද, ජාතික සංඝ සම්මේලනයල පිවිතුරු හෙටක්, සහ පරිසර සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් නියෝජිතයින්ද මීට එක්ව සිටියහ.