මන්නාරම විල්පත්තු ජාතින වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිලධාරීහු මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිති.
මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ දින වල අදාළ ජනතා අදහස් විමසන අතර එස්.බී.ඒ.බී. බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිසමේ නිලධාරීන් විසින් විල්පත්තු වනාන්තරය අවට පදිංචිව සිටින වැසියන්ගේ ජනතා අදහස් විමසීම අරඹා ඇත.
මෙහිදී විල්පත්තුව අවට පදිංචිව සිටින වැසියන් රැසක් ජනාධිපති කොමිසමේ නිලධාරීන් හමුවේ ඔවුන්ගේ මුල් ගම් බිම් වල අයිතිය තහවුරු කරවීමට වූ මුල් ඔප්පු ඇතුළු බොහෝ ලියකියවිලි කොමිසමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් යුද්ධයට පෙර සිටම පරම්පරාගතව මෙම ප්‍රදේශවල ජීවත් වන හෙයින් එම අයිතිය තමන්ට ලබා දෙන ලෙසටයි.
එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙම කොමිසම හමුවට ගොස් පවසා ඇත්තේ ‘පරම්පරාගතව සිටින් වැසියන්ගේ මුල් ඉඩම් නැවත ඔවුන් වෙත ලැබිය යුතු බවටත් යුද සමයේදී කොටි සංවිධානය විසින් එකවරම විල්පත්තු අවට වැසියන් පන්නා දැමීමෙන් පසුව වසර ගණනාවක් අවතැන්ව සිට නැවත පදිංචි වූ මේ වැසියන්ට ඔවුන්ගේ අයිතිය ලබාදීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවත්ය.
එමෙන්ම විල්පත්තු අවට නැවත පදිංචි වූ ජනතාව කිසිලෙසකින් විල්පත්තු වනාන්තරයට හානියක් නොකොට ඇති අතරම ඇත්නම් සංවිධාන හා විවිධ පුද්ගලයන් විසින් බොරු ප්‍රචාර පතුරා නැවත පදිංචි වූ ජනතාවගේ අයිතිය අවදානමකට ලක් කොට ඇති බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.