(UPDATE) ගංජා මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ හිටපු සභාපතිවරයාට ඇප නියම කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකරුවන් අද (03දා) නාඋල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් අයෙකූට රුපියල් 10000/- ක මුදල් ඇපයක් හා රුපියල් 50000/- ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට නාවුල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කොට ඇත. සිද්ධියට අදාළ නඩුව මැයි මස 16වැනිදාට කැඳවීමට නියමිත අතර, එදිනම සැකකරුවන්ට එරෙහිව පැමිණිල්ල ගොනු කරනු ඇති බවද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
-------------------------------------------------------------------------------------------------------
විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර (එජනිස), හිටපු සභාපති රංජිත් කුමාරසිංහ (එජනිස) ගමන් කරමින් සිටි ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයේ අමතර රෝදය සවි කරන ස්ථානයේ තිබී ගංජා ග්‍රෑම් 365 ක ප්‍රමාණයක් විල්ගමුව පොලීසිය විසින් පෙරේදා (01දා) රාත්රියේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි.
ඉකුත් සතියේ විල්ගමුව ජාතික උද්‍යානය තුළ තිබූ අක්කර දෙකක පමණ ගංජා හේනක් පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විසින් විනාශ කර දැමීමත් සමග ජයන්ත වීරසේකර සභාපතිවරයා දිගින් දිගටම ගංජා ජාවාරමට විරුද්ධව පෙනී සිටිමින් ජනතාව සමග ක්‍රියාකළේය. ඔහු පසුගිය දිනක ජනමාධ්‍ය හරහා පවසා සිටියේ විල්ගමුව තවත් තනමල්විලක් කිරීමට ඉඩනොතබන බවයි.