සමෘද්ධි සහනාධාරය ඉවත් කිරීමට එරෙහිව අම්බලන්තොට ප්රාදේශීය කොට්ඨාශයේ සමෘධිලාභීහු අද (16දා) අම්බලන්තොට තිස්ස ප්රධාන මාර්ගය හරස්කොට විරෝධතාවක නිරත වෙමින් සිටිති.
මෙම විරෝධතාව හේතුවෙන් ප්රධාන මාර්ගය අවහිරවී ඇති අතර වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.