බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ගම්පහ දිස්ත්රික්කයෙන් තරග කළ, එහෙත් හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා අපේක්ෂක සුමතිපාල මානවඩුගේ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මනාප ප්රතිඵල ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට පත්ව තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දායකයන් ඔහුට මනාප 2391 ක් ලබා දී ඇත. මානවඩු මහතා පසුගිය 25 වැනිදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. ජනතා විමුක්ති පෙරමුණෙන් ගම්පහ දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත්තේ මහින්ද ජයසිංහ මහතායි. ඔහු මනාප 14,933 ක් ලබාගෙන ඇත.