මහියංගන, මාපාකඩවැව, 17කණුව ප්රදේශයේදී පෙරේදා (26දා) අලුයම මහියංගන, බදුල්ල ඇළ බන්ට් එක මාර්ගයේ (B -580 මාර්ග), මහවැලි වියානා ඇළට මෝටර් රථයක් පෙරළීමෙන් රථයේ රියදුරු අතුරුදන් විය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ප්රභාත් දිසානායක (අවු.34) නමැති හිඟුරක්ගොඩ ප්රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි. හෙතෙම එක් දරු පියෙකු වෙයි.
මහියංගන පොලීසියේ දැනුම් දීමකට අනුව අතුරුදන් පුද්ගලයා සොයා ඔලුවිල් නාවික හමුදා කඳවුරේ නාවික හමුදා කිමිදුම් නිලධාරීන් වියානා ඇළෙහි තාවකාලික ජල සැපයුම නවතා දමා සෝදිසි මෙහෙයුම් සිදුකළ අතර ඔරුබැදිවැව දියබානා වැවෙහිද ජලය සිඳුවා සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබීය.
එහෙත් ඊයේ (27දා) දහවල් 1.00 පමණ වනතුරුත් අතුරුදන් පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙළිකර ගැනීමට නොහැකි විය.
මේ අතර, පෙරේදා (26දා) දහවල් අතුරුදන් ගුරුවරයාගේ ඡංගම දුරකථනය ක්රියාත්මක වූ බවට ලැබුණු SMS පණිවුඩ සම්බන්දයෙන් මහියංගනය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු (soco) අනතුරට පත් මෝටර් රථය විශේෂ පරීක්ෂාවකට ලක්කළහ.
රංජිත් කරුණාවීර