මේ දිනවල පැවැති අධික වර්ෂා තත්ත්වය සමග කළුගඟ, නිල්වලා ගඟ, ගිංගඟ හා කැලණි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩිදුෂ්කරතාවන්ට පත්වූහ.
එහෙත් ඊයේ (15දා) සවසවනවිට වර්ෂා තත්ත්වය ක්‍රමයෙන් අඩුවී යෑම හේතුවෙන් පහත්බිම්වලින් ගංගාපිටාර ගැලීම අඩුවීගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව දිස්ත්‍රික්ක 17කට පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් පන්ලක්ෂ හැටදහස් විසිහතරකට අයත් පුද්ගලයන් දාහත්ලක්ෂ පනස්හයදහස් පන්සියපනහක ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිල් මහතා සඳහන් කළේය.
මෙම දිස්ත්‍රික්කවලින් ඇතැම් දිස්ත්‍රික්කවලට සුළු වැසි ඇති වුවද, අධික වියළි කාලගුණික තත්ත්වය නිමා කිරීමට එය ප්‍රමාණවත් නොවන බවද හෙතෙම පවසා සිටියේය.