වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ප්රමාණය පවුල් 138,585කට අයත් පුද්ගලයන් 519,527 ක් දක්වා ඉහළගොස් තිබේ. අද (09දා) නිකුත් කළ දෛනික වාර්තාවට අනුව වියළි කාලගුණ තත්වය නිසා දිස්ත්රික්ක 17 ක් පීඩාවට පත්ව තිබේ.
අද (09දා) නිකුත් කළ දෛනික වාර්තාවට අනුව වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ අනුරාධපුර දිස්ත්රික්කයෙහි වන අතර, එම දිස්ත්රික්කයේ පවුල් 29,634කට අයත් පුද්ගලයන් 132,844 ක් පීඩාවට පත්ව තිබේ.