වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් ප්‍රමාණය දෙලක්ෂය අභිබවා තිබේ. අද (02දා) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවට අනුව = දිස්ත්‍රික්ක 07ක පවුල් 51,561 කට අයත් පුද්ගලයන් 208,107 ක් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දී ඇත.
පසුගිය 25 වැනි දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ දෛනික වාර්තාවට අනුව වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටියේ දිස්ත්‍රික්ක දෙකකට අයත් පවුල් 9,997 කට අයත් පුද්ගලයන් 34,809 ක් පමණි. එහෙත් දින 07 කාලයක් ගත වනවිට දිස්ත්‍රික්ක ප්‍රමාණය 07 දක්වා ඉහළ ගොස් පවුල් 51,561 කට අයත් පුද්ගලයන් දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 3,867 කට අයත් පුද්ගලයන් 12,677 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 16,591 කට අයත් පුද්ගලයන් 57,001 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 23,187 කට අයත් පුද්ගලයන් 110,352 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 2,617 කට අයත් පුද්ගලයන් 8,422 ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 938 කට අයත් පුද්ගලයන් 8,661 ක්, රත්තපුර දිස්ත්‍රික්කයේ පවුල් 2,845 කට අයත් පුද්ගලයන් 10,994 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ.