දිස්ත්‍රික්ක තුනකට බලපා තිබෙන වියළි කාලගුණික තත්ත්වය නිසා පවුල් 23,577කට අයත් පුද්ගලයන් 85,333 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ (27දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව වියළි කාලගුණික තත්ත්වය නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ පවුල් 18,951කට අයත් පුද්ගලයෝ
70,431 ක් පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2,245කට අයත් පුද්ගලයන් 70,431 ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පවුල් 2,377කට අයත් පුද්ගලයන් 7,732 ක් පීඩාවට පත්ව සිටින බවද දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ.
වියළි කාලගුණික තත්ත්වය නිසා බොහෝ ජනතාවට පානීය ජලය සොයාගැනීමටද නොහැකි වී තිබෙන අතර, අදාළ දිස්ත්‍රික්කවල පිහිටි වනාන්තරවල ජීවත්වන සතුන්ද ඉන් පීඩාවට පත්ව සිටින බවද පරිසරවේදීහු සඳහන් කරති.
වියළි කාලගුණික තත්ත්වය නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍ර‘දේශයේ පවුල් 6,388කට අයත් පුද්ගලයෝ 20,830 දෙනෙක් දැඩි පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව තමන්කඩුව ප්‍ර‘දේශයේ පවුල් 1,475කට අයත් පුද්ගලයන් 5,426 ක්, දිඹුලාගල ප්‍ර‘දේශයේ පවුල් 2,968කට අයත් පුද්ගලයන් 11,863 ක්, ලංකාපුර ප්‍ර‘දේශයේ පවුල් 3,726කට අයත් පුද්ගලයන් 14,490 ක්, හිඟුරක්ගොඩ ප්‍ර‘දේශයේ පවුල් 593කට අයත් පුද්ගලයින් 2,579 ක් සහ මැදිරිගිරිය ප්‍ර‘දේශයේ පවුල් 3,801කට අයත් පුද්ගලයෝ 15,243 දෙනෙක්ද පීඩාවට පත්ව සිටිති.
මෙම දිස්ත්‍රික්කවලට අමතරව අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලටද වියළි කාලගුණ තත්ත්වය බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මෙම දිස්ත්‍රික්කවල පීඩාවට පත් පිරිස් ප්‍රමාණය සොයා බලමින් සිටින බවත්, ආසන්න වශයෙන් මෙම දිස්ත්‍රික්ක හතර තුළම පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිය හැකි බවත් හෙතෙම පවසා සිටියේය.
%අද^ මේ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ඇය සඳහන් කළේ හෙට (29දා) දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. එමෙන්ම රටට සැලකිය යුතු වැස්සක් ඇති වන්නේ ඔක්තෝබර් 15 වැනිදායින් පසුව බවද ඇය කියා සිටියාය.