මේ දිනවල පවතින වැසි රහිත වියළි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්රය නිසි කළමනාකාරීත්වයක් මත පවත්වාගෙන යෑමට සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (20දා) ඛනිජතෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍ර‘යේ පැවැති නිල සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
පවතින වියළි කාලගුණික තත්ත්වය මත විදුලි උත්පාදන ජල පෝෂකයන්ට ඇතිවන අහිතකර බලපෑම් මත, ජල විදුලි උත්පාදනය වෙනුවට විකල්ප බලශක්ති උත්පාදනයට යොමුවිය යුතු බවත්, එසේ යොමුවීමේදී ඒ සඳහා තම අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය සහාය උපරිම වශයෙන් සපයන බවත් මෙම සාකච්ඡාවේදී ඛනිජතෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
විදුලි පාරිභෝගිකයාට බරක් නොවන පරිද්දෙන් ගුණාත්මක මෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම තමා ඇතුළු තම අමාත්යාං‘ශයේ වගකීම සහ යුතුකම බව අමාත්‍ය සියඹලාපිටිය මහතා, ඒ වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් ගන්නා බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.