මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගසන විමල් වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් කියවා නැතැයි නීතීඥ ශිරාල් ලක්තිලක මහතා චෝදනා කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ගත කරුණු මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය තුළද පිළිගෙන තිබියදී රට පාවාදෙනවා යැයි මෛත්‍රීපාල මහතාට චෝදනා කිරීම අනුවණ ක්‍රියාවක් බව හෙතෙම පැවසීය.
රජයේ ප්‍රකාශන නිකුත් කරන්නේ කඩල ගොටු එතීමට නොව කියවීමට බවත්, ඒවා කියවා විමල් වීරවංශ මහතා දැනුවත් වියයුතු බවද අද (25දා) පැවැති මාධ්‍ය හමුවකදී ලක්තිලක මහතා පැවසීය.