පාර්ලිමේන්තුවට බෝම්බ ගසන බවට විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය ජාතික නිදහස් පෙරමුණේ මතයක් නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පැවසීය.
එවැනි ප්‍රකාශයක් සම්බන්ධව තම පක්ෂය තුළ සාකච්ඡා නොකළ බවත්, විමල් වීරවංශ මහතාගේ පෞද්ගලික අදහස පමණක් එමගින් ප්‍රකාශ කොට ඇති බවත් හෙතෙම කීවේය.
ජාතික ව්‍යපාර සියල්ල එකතුවී ව්‍යවස්ථාව පරාජය කිරීමට සැරසෙන අවස්ථාවක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ඉතා අවශ්‍ය මොහොතක එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධව තමන් ජාතියෙන් සමාව ඉල්ලා සිටින බවද විජේනායක මහතා පවසා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණ බෝම්බ ගසන දේශපාලන ව්‍යාපාරයක් නොවන බවත්, විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධව පක්ෂයේ නිලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද හෙතෙම පවසා සිටියේය.
මේ සම්බන්ධව කළ විමසීමකදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා සඳහන් කළේ වීරවංශ මහතාගේ ප්‍රකාශ මගින් සමාජයට ඉදිරිපත් කළ පණිවුඩය පියසිරි විජේනායක මහතා හරියට තේරුම් ගෙන නැති බවයි.