පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගන්නා බව කතානායක කාර්යාලය සඳහන් කරයි.
එ අනුව යළි පාර්ලිමේන්තුව රැස් වූ වට එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ අවධානයට ද යොමු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව ද බලවත් තර්ජනයක් උද්ගත කර ඇති බවත්, ඒ පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විවිධ පාර්ශවයන් විසින් ද දිගින් දිගටම කතානායකවරයාගේ විශේෂ අවධානයට යොමු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.