අල්පේච්ඡතාව සහ සරලකම ගැන කතා කළ වත්මන් ආණ්ඩුවජනවාරි 08 වැනිදා ‘ආප්ප විප්ලවය’ සැමරීමේ අරමුණෙන් සතියක් පුරා බාල් නැටීම සඳහා විශාල වශයෙන් මහජන මුදල් විනාශ කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (30දා) පැවසීය.
මාසයකට අධික කාලයක් යුරෝපයේ රටවල් කිහිපයක දේශන මාලාවක් සඳහා සංචාරයක නියැළීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළින් යළි දිවයිනට පැමිණි මොහොතේ මාධ්‍ය අමතමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රණවිරුවන් දිනාදුන් ජයග්‍රහණ සැමරීම නතර කළද අනවශ්‍ය සැමරීම් සිදුකිරීම සඳහා වත්මන් ආණ්ඩුවේ නායකයන් කටයුතු කරනුයේ ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
අල්පේච්ඡතාව සහ සරලකම ගැන කතා කරපු මේ ආණ්ඩුව, ජනවාරි 08 වැනිදා ‘ආප්ප විප්ලවය’ සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා. ඒකෙන්ම පෙනෙනවා මේ ආණ්ඩුවෙ බංකොළොත්කම. රණවිරුවන් මාතෘභූමියට දිනාදුන් ජයග්‍රහණය සැමරීම නතර කරපු මේ ආණ්ඩුව ජනවාරි 08 වැනිදා සිදුකරනු ලැබූ ‘ආප්ප විප්ලවය’ සමරන්න විශාල ජනතා මුදල් ප්‍රමාණයක් විනාශ කරමින් සිටිනවා"යැයි පැවසීය.
.jpg)