සාමාන්‍ය පෙළ විභාගය වංචා දූෂණවලින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සැලසුම සකස් කිරීමට විද්වත් කමිටුවක් පත්කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
මීට පෙර පැවැති විභාගවලදී සහ පැවැත්වෙමින් තිබෙන උසස් පෙළ විභාගයේදී විවිධ විභාග අක්‍රමිකතා සිදුව තිබෙන බවට වාර්තා වෙමින් තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ජාතික විභාග පිළිබඳ ගැටලු ඇතිව තිබෙන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් හා වැඩපිළිවෙළ සකස් කිරීමට කමිටුවක් පත්කරන ලෙස ඉල්ලා සිටි බවත් හෙතෙම පවසා සිටියේය.
විභාග සම්බන්ධ ප්රශ්නයන්ගෙන් හා තාක්ෂණ දැනුමැති පිරිසකගෙන් මෙම කමිටුව පත්කරන ලෙස ඉල්ලා සිටි බවද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.