නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදුකරන විභාග වංචා වැළක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාගැනීම සඳහා විද්වත් කමිටුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාට උපදෙස් ලබාදී ඇත.
ඒ පසුගිය දිනවල වර්තා වූ ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ සිද්ධිය සහ නවීන තාක්ෂණය ආධාර කරගනිමින් විභාග වංචා සිදුකිරීම සඳහා ඇති ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් හා ඒ අනුව තොරතුරු තාක්ෂණය සහ නව තාක්ෂණික මෙවලම් පිළිබඳ දැනුම මෙන්ම විභාග නීතිය පිළිබඳ දැනුම ඇති කමිටුවක් පත්කොට වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.
අනතුරුව එම නිර්දේශද ක්‍රියාත්මක කරමින් විභාග වංචා වැළැක්වීමට පියවර ගැනීම සඳහා වඩාත් සාර්ථක ලෙස මැදිහත්වීමට විභාග දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇත.