පසුගිය දශකය තුළ දී ජනතාවට කාර්යක්ෂම සේවාවක් සපයන විශිෂ්ට රාජ්ය ආයතනය බවට පත්වීමට විභාග දෙපාර්තමේන්තුව සමත්ව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්රකාශකර තිබේ. රාජ්ය ආයතන සහ දෙපාර්තමේන්තු 38ක් යොදාගනිමින් මෙම විමර්ශනය සිදුකර ඇති අතර රජයේ ආදායම කෙරෙහි වැඩිම දායකත්වයක් සපයන ශ්රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ප්රධාන ආයතනවලට වඩා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යය සාධනය විශ්වාසනීයභාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්රකාශකරයි.
ගිණුම් කාරක සභාව පසුගිය මාස තුනක කාලය තුළ සිදුකරන ලද විමර්ශනයක ප්රතිඵලවලට අනුව විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ට රාජ්ය ආයතනය බවට පත්ව ඇති බව එම කාරක සභාව සඳහන් කරයි.