අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙතෙක් ප්‍ර‘වේශපත්‍ර නොලැබී තිබෙනවා නම් හෝ විදුහල්පතිවරයා අයදුම්පත් යොමුකර නොමැති නම් වහාම ඒ පිළිබඳ 1911 දුරකථන අංකයට දක්වන ලෙස විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට (04දා) දිනය දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්, මෙම දුරකථන අංකය පැය 24 ක්‍රියාත්මක බවද විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.