විපතට පත්වූවන්ට රජයේ සහන ප්‍රමාණවත් නෑ
- 18 05 2016
- 15:42
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
පීඩාවට පත්ව සිටිනා ජනතාවට ලබාදෙන පිසූ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් අයුරින් නොලැබෙන නිසා දන්සල් දීමට සැලසුම් කර සිටිනා පිරිස් විපතට පත් ජනතාවට එම දන්සල් ලබාදෙන ලෙසට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඉල්ලා සිටී.
දිස්ත්‍රික්ක 22කට බලපා තිබෙනා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව සිටින බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
මේ නිසා දන්සල් සඳහා වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල් හෝ දන්සල් ලබාදීම සඳහා එකතු කර තිබෙනා වියළි ආහාර ද්‍රව්‍ය විපතට පත්වූවන්ට ලබාදෙන ලෙස එම සංගමය ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
