විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, මතින් තොර, සැමට සහයෝගයෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය හා සමගි පෙරමුණ ඇතුළු විපක්ෂයේ විරෝධය කණ්ඩායම සහ බහුජන සංවිධාන එක්ව සංවිධාන කරන විරෝධතා රැළියක් සහ විරෝධතා පෙළපාළියක් අද (28දා) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන මහජන රැළියට ලිප්ටන් වටරවුම, මරදාන, කොම්පඤ්ඤවීදිය යන ස්ථාන තුනින් ආරම්භ වන පෙළපාළිවලින් ජනතාව සහභාගී වීමට නියමිතය.
මෙහිදී ලිප්ටන් වටරවුම අසලින් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය සංවිධානය නියෝජනය කරන පිරිස් පෙළපාළියකින් හයිඩ්පාක් පිටියට ගමන් කිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව විපක්ෂයේ විරෝධය සංවිධානය මරදාන ගාමිණී සිනමා ශාලාව අසලින් සහ වෘත්තීය සමිති, බහුජන සංවිධාන කොම්පඤ්ඤ වීදියෙන් ආරම්භ වන පෙළපාළියකින් හයිඩ් පිටියට පැමිණීමට නියමිතය.
සියලුම පෙළපාළි සවස 2.00 ට ආරම්භ කර සවස 3.00 පමණ වනවිට හයිඩ් පිටියට ගමන්කර රැළිය පැවැත්වීමට සැලසුම් කර ඇත.