ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුව තුළ සිටින නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂනායක තනතුර ඉල්ලා සිටීමට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවකට අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් ජාතික ආණ්ඩුවට එකතු වූ පසු අනෙක් පිරිස විපක්ෂයේ වාඩි වූ බවද සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අද (26දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂයේ වාඩි වීමට අවසර ලබාදුන්නද, පක්ෂයක් නිර්මාණය කිරීමට මධ්‍යම කාරක සභාව අවසර ලබාදී නොමැති බවයි.