විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති වීම සඳහා දවල් සිහින දකින බවත්, ඔහුට පොට වැරදී තිබෙන බවත් සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොටදී ඊයේ (06දා) පැවැත් උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂ නායකවරයා පසුගියදා කටයුතු කළ අතර ඒ සඳහා අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ඉහත ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා එසේ ප්‍රකාශ කළත් මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක්වුවත් ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව රට පාලනය කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජාතික ආණ්ඩුවේ අගමැතිවරයාද රනිල් වික්‍රමසිංහ මහතා බවත්, අගමැති වීම සඳහා මැසූ ඇඳුම් කට්ටලය අල්මාරියට දමන ලෙස තමන් නිමල් සිරිපාලද සිල්වා මහතාට පවසන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.