පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තමාට ක්ෂණික තීරණයක් ගත නොහැකි බැවින් ඒ පිළිබඳව අධ්‍යයනය කර ඉදිරියේදී සභාවට කරුණු දක්වන බව කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (24දා) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවේ ඇමති ධුර ලබාගැනීම හේතුවෙන් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් පැනනැගී ඇතැයි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සිටිමින් විපක්ෂ නායක ධුරය තබාගත නොහැකි බව දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, අජිත් කුමාර යන මන්ත්‍රීවරුද මෙහිදී පෙන්වා දුන්හ.
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, එය විරුද්ධ පක්ෂය විසින් විසඳාගත යුතු ප්‍රශ්නයක් බවයි.
එහිදී වැඩිදුරටත් දැක්වූ චමල් රාජපක්ෂ මහතා,
'මටත් මේක පොඩි ප්‍රශ්නයක්. ඒ නිසා මම ඒකට කල් අරගෙන හොඳින් හිතලා යම් තීන්දුවක් දෙන්නම්' යැයි පවසා සිටියේය.