මහාධිකරණ විනිසුරු ලලිත් උදය ජයසූරිය මහතා අභියාචනාධිකරණ විනිසුරු ධූරයකට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ
අදාළ නිර්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකර තිබු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එය අනුමත කර තිබේ.
ඒ අනුව ලලිත් උදය ජයසූරිය මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද ප.ව 2.30 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.